Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රට තුළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර, එම ව්‍යාපෘති ජනතාවට හා රටට කෙසේ ප්‍රතිලාභ අත්වන්නේ දැයි සොයා බලා, සැලසුම් සකස් කර, ගුණාත්මක ව්‍යාපෘතියක් ලෙස නිම කිරීමෙන්, අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

2025 නව වසර රාජකාරී නිල වශයෙන් ඇරඹුමට සමගාමීව අමාත්‍යාංශයේ ප්‍රවාහන මහාමාර්ග විෂය පථයට සම්බන්ධ අංශ භාර නිලධාරීන් හා සේවක මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් හට අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ප්‍රමුඛතා අනුව, රටේ අවශ්‍යතාවයන්ට අනුව, සියළු සංවර්ධන ව්‍යාපෘති, පෙල ගැස්වීම නිලධාරීන් ලෙස වගකීමෙන් සිදු කළ යුතු බවද, එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රටක සංවර්ධන ඉලක්ක ජය ගැනීමට නම් දූෂණයෙන් තොර, කාර්යක්‍ෂමතාවයෙන් ඉහළ මනා සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සහිත සේවාවක් ලබා දීම අත්‍යාවශ්‍ය බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.