00:00 : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ කවදාවත් මරන්න බැරි, එහෙම නැත්නම් පාගන්න බැරි පක්ෂයක්!
00:05 : ඔබතුමාලට මතක ඇති මං හිතන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහගෙදර හැර ගිය බොහෝ පිරිසක් පොහොට්ටුවේ තනිවුණා.
00:10 : හැබැයි දැන් පොහොට්ටුවේ තනිවෙච්ච විශාල පිරිසක් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණෙමින් පවතිනවා.
00:16 : ඒ නිසා අපි මහ ගෙදරින් ඈත්වෙච්ච සියලුම දෙනාට ආරාධනා කරනවා.
00:20 : 2025 කියල කියන්නේ නැවත වතාවක් වෙන වෙන තවත් අම්බලම් වල ඉන්න තැනක් නෙමෙයි. නැවත වතාවක් වෙනත් නවාතැන් පොළවල් හොයන කාලයක් නෙමෙයි.
00:28 : 2025 කියල කියන්නේ, නැවත වතාවක් තමන්ගේ මහ ගෙදරට පා තබන දවස!
00:33 : නියම වම තියෙන්නේ, නියම රට පාලනය කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ, අත්දැකීම් තියෙන පිරිස ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
00:40 : ඒ නිසා, පහුගිය මැතිවරණයේ රැවටුනාට, පසුගිය මැතිවරණයේ අතරමං වුණාට ගැටලුවක් නෑ,
00:45 : නැවත වතාවක් රට හදන තැනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගන්නවා.