අභිනවයෙන් පත්වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු රැස්වීම අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කරන ලද ආචාර්ය හාන්ස් විජයසූරිය එහි විධායක නොවන සභාපති ලෙස කටයුතු කරනවා.
සංජය කරුණාසේන, හර්ෂ පුරසිංහ, චන්දිම කුරේ, බන්ධුල රණතුංග, ජිෆ්රි සුල්ෆර්, සාමිස අබේසිංහ, ශානක රෙබෙල් යන මහත්වරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


