OnMaxDT නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට, ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
වංචාකාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු සහ මෙම නඩුවේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝම්බර් මස 4 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද එහිදී නියෝග කර තිබුණා.
එම සැකකරු සතුව තිබෙන දේපළ සහිත වටිනා ඉඩම් පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.